Welcome to TechTalentWave, Sri Lanka's fastest-growing open platform for IT, Software, and Tech job opportunities
This job ad has been posted over 40 days ago...

Be the first to apply!

Part-time Social Media Strategist

at 3iteam.com in Remote

Hello , මම මීට කලින් පල කරපු Job පොස්ට් එක ඔයාලට මතක ඇති. මේ ඒ ගැන update එකක්.

1. අපි මේ වෙද්දී UI /UX වලට hire කරලා ඉවරයි.

2. Web Developer ටිකේ round 1 interviews ඉවරයි. දැන් යන්නේ ඒකෙන් තේරුණ අයට technical test එක. මේකෙන් අපි හොද දෙන්නෙක් හිතාගෙන ඉන්නවා, test එක pass උනොත් එයාලව ගන්නවා.

3. Social Media Strategist interviews ඉවරයි. කවුරුත් select උනේ නැහැ.

4. Flutter interviews පටන්ගන්න තියෙනවා.

අපිට social media strategist කෙනෙන්ක් select කරගන්න බැරි උන නිසා අපි හිතුව ආයෙත් group එකේ advertise කරන්න. හොදට කියවල apply කරන්න. ඒවගේම අපේ HR එකට පොඩි කාලයක් දෙන්න ඔයාලට කතා කරන්න. හේතුව ගියපාර උඩ කියල තියෙන positions සදහා දාපු ad එකට applications 400 පැනල ආව. එතකොට ටිකක් වෙලා යනවා.

 

දැන් බලමු ජොබ් එක..

Social Media Strategist

මේ position එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ආයතනයට සහ products වලට social media marketing strategies හදල, ඒවා execute කරලා සුපිරි competition එකක් දෙන්න පුළුවන් විදියට අරන් එන එක. ජොබ් description එක තියෙනවා පහල.

1. අපේ company වල සහ products වල brand awareness එක ඇති කිරීම (Digital space එක තුල)

2. company සහ product websites වල traffic එක වැඩිකරන්න, lead generate කරන්න strategy නිර්මාණය කිරීම.

3. campaign වල සහ strategies වල performance monitor කිරීම.

4. trends සහ insights identify කරලා ඒ අනුව strategy හදන එක, වෙනස් කරන එක.

5. product landing pages නිර්මාණය කිරීම ගැන අපේ team එකට උපදෙස් ලබා දීම, marketing funnel නිර්මාණය කිරීම.

6. competition එක analyse කරලා ඒ අනුව ඒක beat කරන්න strategy නිර්මාණය.

7. අපේ budget ගැන අවබෝදයෙන් කටයුතු කිරීම.

8. අලුතෙන්ම එන product එකක් කොහොමද market එකට අරන් යන්නේ, social media එක කොහොමද ලැහැස්ති කරන්නේ, මොනවගේ campaign ද කරන්නේ, launch කලාට පස්සේ මොනවගේ campaign ද කරන්නෙ, posts මොනවගේ වෙන්න ඕනෙද වගේ දේවල් ගැන කටයුතු කිරීම.

9. Target markets වෙන්නේ ප්‍රධානවම US, Canada, Australia, Sri Lanka

10. Facebook, Twitter, LinkedIn, YouTube, Tiktok, Google වගේ platforms ගැන හොද අවබෝදයක් තියෙන්න ඕනේ.

විශේෂ

1. social media ගැන ලංකාවේ විධිමත් අධ්‍යාපනයක් ගන්න පුළුවන් තැන් තියෙනවා. ඒවගේ diploma එකක් හෝ degree එකක් තියෙනවා නම් විශේෂයි.

2. US, Canada, Australia, Sri Lanka කියන markets ගැන විශේෂ දැනුමක් තියෙන්න ඕනේ.

3. English කතා කරන හැකියාව අත්‍යාවශ්‍ය නැහැ, නමුත් තියෙනවා නම් හොදයි. හේතුව ඉංග්‍රීසි ජාතිකයින් එක්ක අපි ඉදගන්න meeting වලට "සමහරවිට" ඔයාටත් ඉදගන්න වේවි.

4. මේ position එක strategy develop කිරීම සම්බන්දව.

6. market එකක් research කරන්නේ කොහොමද, competition එක මොන වගේද, කොහොමද competition එක beat කරන්නේ කියන දැනුම තියෙන්න ඕනේ.

7. අලුතෙන්ම එන product එකක් කොහොමද market එකට අරන් යන්නේ, social media එක කොහොමද ලැහැස්ති කරන්නේ, මොනවගේ campaign ද කරන්නේ, launch කලාට පස්සේ මොනවගේ campaign ද කරන්නෙ, posts මොනවගේ වෙන්න ඕනෙද වගේ දේවල් ගැන දැනුම තියෙන්න ඕනේ.

අපිත් එක්ක වැඩ කරන විදිය

1. මේක ප්‍රදාන වශයෙන් freelancer කෙනෙක් විදියට parttime වැඩකරන්න පුළුවන් position එකක්. freelancer කෙනෙක් විදියට full time කැමති අයටත් apply කරන්න පුළුවන්.

2. work from home .

කැමති අය apply කරන්න jobforme@3iteam.com එකට.

අපි බලාපොරොත්තු වෙනවා ඔයාවත් එකතු කරගෙන හොද ගමනක් ඉස්සරහට යන්න. ඉතින්, හමුවෙමු ඉක්මනින්ම.



« Go Back to Category
Is This Job Ad Fake? Report it!   
Recommend to a Friend
Published on 17-07-2024
Viewed: 189 times